දඹාන ආදිවාසි ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් යෝජනා කරන ලද ඔසු වගා ව්‍යාපෘතිය පසුගියදා ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ නිවස පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා හීංඅරත්ත ශාකය තෝරා ගත් අතර, ආදිවාසි පවුල් 50ක් සඳහා පැළ 2500ක් බෙදා දීම ද සිදු කෙරිණි.
එදිනම ආදිවාසි නායකතුමාගේ නිවාස පරිශ්‍රයේදී පැළ 50ක් රෝපණය කිරීමද සිදු විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරින් සහ ගිරාඳුරුකෝට්ටේ ඔසු උයන කාර්යාලයීය නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.