Monday, December 22, 2025
Follow Us
ජනාධිපති අරමුදලෙන් උතුරු පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුසිසුවියන් 274කට රුපියල් ලක්ෂය බැගින් ප්රදානය කෙරේ

 

සියලු පළාත්වල උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල ලැබූ සිසුසිසුවියන් 3000ක් ඇගයීමට ලක් කරමින් මේ වසරේ වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ
 
ජනාධිපති අරමුදලෙන් ක්රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහන අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ (21) කිලිනොච්චිය නෙළුම් පියස පරිශ්රයේ දී පැවැත්විණි.
 
වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්රික්කවල උසස් පෙළ සමත් සිසුසිසුවියන් 274 දෙනකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්රදානය කිරීම මෙහි දී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 27.4ක් වැය කර ඇත.
 
දිවයිනේ පළාත් මට්ටමින් ආරම්භ වූ මෙම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන මෙය වන අතර, මේ අනුව ජනාධිපති අරමුදල 2023 හා 2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල ලැබූ සිසුසිසුවියන් 3000ක් ඇගයීමට ලක් කර තිබේ.
 
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජාතික පාසල්, පළාත් පාසල් බේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බවයි. ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරයද මෙහිදී අග්රාමාත්යවරියගේ ඇගයීමට ලක් වූවාය.
 
සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ, පා.ම. වෛද්ය එස්. ශ්රී බවානන්දරාජා, පා.ම. කේ. ඉලංකුමාරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, උතුරු පළාත් ප්රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීහු, දිස්ත්රික් ලේකම්වරු, උතුරු පළාතේ රාජ්ය නිලධාරීහු, දෙමාපියන් සහ සිසු දරු‌වෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.