මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 15.8ක අපනයන ආදායමක් හිමි කරගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර එම කාලයේ 5.8%ක වාර්ෂික වර්ධනයක් සමඟින් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 15776.36ක් වාර්තා කිරීමට සමත් වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52ක් බවත් එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයක් බවත් ඒ මහතා සඳහන් කළේය.