Wednesday, December 17, 2025
Follow Us
ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාව පත්කරයි

 ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. එමෙන්ම එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම් සිදු කර ඇත.