රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ පුහුණු අවශතා පිළිබඳව කටයුතු කිරීමට සේවා පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඒ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දි පැවති රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත් කාරක සභා අවස්ථා විවාදයේදීය.