සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (19) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) දී පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමාව යටතේ මෙම වසරේ පැවැති 22 වැනි "ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන මෙය වන අතර, රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල වෙනුවෙන් පැවැති 05 වන "ආරෝග්‍යා” ජංගම සුව සායනය ද මෙය වේ.
වැඩ අධික, කාර්යබහුල, ක්‍රීයාශීලි වැඩ පරිසරයක තම සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අඩු අවධානයකින් යුතුව පැය 24 පුරා සහ වසරේ දින 365 තුළ ම කාර්යක්ෂම තැපැල් සේවාවක් වෙනුවෙන් කැපවී කටයුතු කරන මධ්‍යම තැපැල් හුවමාරුවේ දහසකට අධික කාර්ය මණ්ඩලයක සුවතාවය වෙනුවෙන් ප්‍රථමවරට මෙවැනි ජංගම සුව සායනයක් පැවැත්වීම ද විශේෂත්වයකි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැති මෙම ජංගම සායනය තුළින් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, සුවනාරි සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම සහ නොමිලේ ඖෂධ ලබාදීමට ද සිදු කෙරුණ අතර, සායනය සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවේ සමස්ත කාර්ය මණ්ඩලය සහ එම කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටියහ.
රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සඳහා සෑම මාසයකම බදාදා දින දෙකක් තුළ පවත්වනු ලබන මෙම ජංගම සායන තුළින් නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග කල්තියා හදුනා ගැනීම, ප්‍රතිකාර පිළිබඳව සහ රෝගවලින් ආරක්ෂාවීමට උපදෙස් ලබාදීම, හදුනාගත් රෝගීන් ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිමට පියවර ගැනීම සිදු කරනු ලබයි.
මෙම වසරේ නොවැම්බර් මස 22 දින මාතර දිස්ත්‍රික්කයේ කළුබෝවිටියාන රජයේ තේ කර්මාන්ත ශාලාවේ දීත්, 29 දින බෝපිටිය ධීවර ප්‍රජාව වෙනුවෙනුත් "ආරෝග්‍යා” ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) සහ "ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ මෙහෙයුම් නිලධාරී ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්, මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරිනී මනෝජනී නානායක්කාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.