Monday, January 19, 2026
Follow Us
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත කෞතුකාගාරය නව මුහුණුවරක්
"Ceylon Heritage Festival 2025" උත්සවට සමගාමීව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව විසින් පවත්වාගෙන යනු ලබන "හස්ත කර්මාන්ත කෞතුකාගාරය" යළි පණගැන්වීමේ වැඩසටහනක් අ⁣පේ ගම පරිශ්රයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී හස්ත කර්මාන්ත කෞතුකාගාරයට අමතරව අත්කම් නිර්මාණ මිලදී ගැනීම සඳහා අලෙවි කුටියක්, තොරතුරු දැන ගැනීම සඳහා තොරුතුරු මධ්යස්ථානයක් සමඟින් පුස්තකාලයක් ආරම්භ කිරීම විශේෂත්වයක් විය.
එමෙන්ම මෙම කෞතුකාගාරය නැරඹීම සඳහා මෙරට පාසල් ළමුන්ට නොමිලේ අවස්ථාව ලැබේ.