Friday, May 17, 2024
Follow Us
ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භවීමට නියමිතයි.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

මෙම තරගාවලියට ඉන්දියාව, කසක්ස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

සුහිරු ඇන්තනි ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දරනු ලබයි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය කටාර් සහ කසක්ස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Aruna