Saturday, July 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතියට පර්යේෂණ පත්‍රිකා 34ක් එළි දකී

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් එළිදැක්වීම ඊයේ (7) කොළඹදී සිදු කෙරිණි.

විශේෂයෙන්ම 2023 වසරේ තේ කර්මාන්තය ආශ්‍රිතව පවතින යම් යම් ගැටලු ඉලක්ක කරමින් මෙම පර්යේෂණ සිදු කර තිබේ. මෙම පර්යේෂණ පත්‍රිකා තේ පර්යේෂණ ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ සිදු කර ඇති අතර, එම පර්යේෂණ මඟින් මෙරට තේ වගාව මෙන්ම එම කර්මාන්තය උසස් තත්ත්වයකට පත්කරලීම සඳහා පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

ලෝක තේ වෙළඳපොළේ දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවයි. Ceylon Tea සන්නාමය නැවතත් ලෝක වෙළඳපොළ තුළ ජනප්‍රිය කරවීම සඳහා තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණ කළේය.