Saturday, July 27, 2024
Follow Us
කෙටි විවේකයක් ගත් දකුණු අප්‍රිකානු ජනාධිපති අද අලුයම පිටත්ව යයි

දකුණු අප්‍රිකානු ජනාධිපති ජපානයේ පැවති ජී- 20 සමුළුවට සහභාගීවීමෙන් පසු යළි සිය රට බලා යන අතරතුර, මද විවේකයක් ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටියදී මෙලෙස දූත පිරිස 20 දෙනෙකු ද සමගින් පැමිණ තිබුණා.

මෙම පිරිස 29 වැනි දින රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන් සඳහා වූ මැදිරිය වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි nethnews.lk කටුනායක වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමෙන් අනතුරුව යළිත් අද (30) අලුයම 1.00 ට පමණ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා බලා පිටත්ව ගොස් තිබුණා.

මේ අකාරයටම දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස, ජපානයේ පැවති ජී. - 20 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යන අතරතුර ද කෙටි විවේකයක් සඳහා ඉකුත් 27වැනි දින උදෑසන ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බවයි nethnews.lk කටුනායක වාර්තාකරු සඳහන් කළේ..

(Neth)