Friday, May 09, 2025
Follow Us
සෝෆා ගිවිසුම ක්‍රියාත්මකයි ජාතික සංවිධාන වලින් විදේශ අමාත්‍යංශයට අභියෝගයක්

ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් 2018 08.28 දින විදේශ මාංශයට යැවූ ලිපියකට ”එකඟයි” යනුවෙන් පිළිතුරු යවා ඇත්නම් සෝෆා ගිවිසුම නව කොන්දේසි යටතේ ක්‍රියාත්මක වන බව ජාතික සංවිධාන පවසයි.

ජාතික පුවත්වලට යැවූ ලිපියක් මගින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව සඳහන් කරමින් අවධාරණය කරන්නේ එසේ නොමැතිනම් ඇමෙරිකානු තානාපති කාර්යාලය හෝ කාර්යාලයෙන් එවූ ලිපියට යැවූ පිළිතුරු ලිපිය මහජනයාට පෙන්විය යුතු බවය.

අදාළ ලිපිය මගින් කරනු ලබන ඉල්ලීමට ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් එකඟ වූ විට ගිවිසුම සකස්වන බව සහ කොටසක් බවට පත්වන බව අදාළ ලිපියේ සඳහන් බවද ඒ මහතා සඳහන් කරයි.

(Lanka Leads)