Tuesday, August 11, 2026
Follow Us
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිල දී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ක්ෂේත්රය තුළ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ ඔවුහු වී මිලදී ගැනීමේ ගැටලු සහ ඔඩපන ණය ක්රමවේදය තුළ බැංකු සමග ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.
 
වී මිල දී ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් හෝ ප්රාදේශීය ලේකම් මගින් ප්රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී යෝජනා කළ ඔවූහු වී මිලදී ගැනීම සඳහා තමන්ට ප්රමාණවත් ධාරිතාවක් පවතින බවත්, ගොවින්ට ස්ථාවර මිලක් ලබා දීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහතික කිරීමට එය හොඳ අවස්ථාවක් වන බවත් පෙන්වා දුන්හ.
මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා දිස්ත්රික් ලේකම්වරුන් මගින් සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි.
 
ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120 ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 4,000 ක් විය යුතු බවත්, මිලදී ගන්නා වී තොග පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
 
දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්රමය ක්රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් රජය වෙත නැවත ගෙවිය යුතු බවත්, මෙම ව්යාපෘතිය සාර්ථකව නිම කරන මෝල් හිමියන්ට ඉදිරි කන්නවලදීද මෙවැනි සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් සඳහන් කෙරිණි.
 
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලුම සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, මෙය රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන වගකීම් සහගත කාර්යයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
 
එමෙන්ම, මින් පෙර ක්රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලදී ණය ආපසු නොගෙවීම නිසා මතු වූ ගැටලු පිළිබඳවද මුදල් අමාත්යාංශයේ නිලධාරීහු මෙහිදී කරුණු පැහැදිලි කළහ.
මීට පෙර ආණ්ඩුවෙන් ණය ලබා දී වී මිලදී ගෙන, එම වී නැවත ආණ්ඩුව විසින් මිලදී ගත යුතු ක්රමවේදයක් ක්රියාත්මක වූ නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්රමයක් හඳුන්වා දීම ප්රශංසාවට ලක් කළ වී මෝල් හිමියෝ මෙම ක්රමවේදය අඛණ්ඩව ක්රියාත්මක වුවහොත් දැනට ව්යාපාරවලින් ඉවත්ව සිටින සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියන් විශාල පිරිසකට නැවත ක්ෂේත්රයට යොමු විය හැකි වන ඇති අතරම වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.
 
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද යන මහත්වරුද, මුදල් අමාත්යාංශයේ නිලධාරීහු සහ අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල. මහනුවර, රත්නපුර, පුත්තලම, හම්බන්තොට, ත්රීකුණාමලය, මඩකලපුව, අම්පාර ආදී දිස්ත්රික්ක නියෝජනය කරමින් සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.