ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව දැනට පවතින බස් ගාස්තු සූත්රය සහ ගාස්තු ව්යුහය යාවත්කාලීන කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ අනුව සහ පසුගිය 30 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි සිදුකරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතුයි.
දැනට ක්රියාත්මක බස් ගාස්තු ප්රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වැනිදින බස් ගාස්තු සංශෝධනය ප්රකාශයට පත්කළ යුතුයි.
ඒ අනුවයි මෙම බස් ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් බස්ගාස්තු ද ඉහළ යන බවයි.