Wednesday, June 17, 2026
Follow Us
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
අමෙරිකාව සහ ඉරාන නායකයින් සටන් විරාම ගිවිසුමට අවසන් තැබීමත් සමගම අද දිනයේද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ශීඝ්රයෙන් පහළ වැටී තිබෙන බව වාර්තා වෙයි.
බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල වසරේ ප්රථම වතාවට අමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් පහල ගොස් තිබෙන අතර ​ජාත්යන්තර වෙළඳපොළ දත්තවලට අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5% කට වඩා වැඩි ප්රතිශතයකින් පහත වැටී ඇති අතර, එය ඩොලර් 78.96 ක් බවයි සටහන් වී තිබෙන්නේ.
යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 දින වෙළඳපොළ ආරම්භ වන විට බ්රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 - 73 වැනි අවම අගයක පැවතියේය.