අස්වැසුව සුබසාධක ප්රතිලාභ අරමුදල යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා අදාළ මුදල් ගිණුම්වෙත බැරකර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මැයි මාසය සඳහා වැඩිහිටි දීමනා ලෙස මෙම පිරිසට රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක් ගිණුම්වලට යොමුකර ඇත.
එහි දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663ට මැයි මාසය සඳහා වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස්හය කෝටි අසූ තුන් ලක්ෂ පහළොස් දහසක් බැංකු ගිණුම්වෙත බැර කෙරුණා.
අදාළ ප්රතිලාභීන්ට තම ප්රතිලාභී දීමනාව හෙට (29) සිට තම අස්වැසුම ප්රතිලාභී ගිණුම මගින් ලබාගත හැකිය.