Saturday, May 09, 2026
Follow Us
කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ව්‍යාපාරික දූත පිරිසක් සහ වෙළෙඳ ඇමැති අතර හමුවක්
කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ව්යාපාරික දූත පිරිසක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ  අතර හමුවක් පසුගියදා (08) පැවැත්විණි.
මෙම දූත පිරිසෙහි නායකත්වය දරනු ලැබුවේ KCCI හි ජ්යෙෂ්ඨ උප සභාපති මුහම්මද් රාසා (Mr. Muhammad Raza) මහතා විසිනි.
 
කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ව්යාපාරික දූත පිරිසක් 2026 මැයි 5 සිට 8 දක්වා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර මෙම සංචාරය කරච්චි නුවර ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව (DoC) විසින් සම්බන්ධීකරණය කර තිබිණි.
 
1959 දී ස්ථාපිත කරන ලද KCCI, ව්යාපාරික ප්රජාවේ සාමාජිකයින් 50,000කට අධික සංඛ්යාවක් නියෝජනය කරන පකිස්ථානයේ විශාලතම වාණිජ මණ්ඩලවලින් එකකි.
 
මෙහිදී පැවැති සාකච්ඡාවලදී, පකිස්ථාන-ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම Pakistan–Sri Lanka Free Trade Agreement (PSFTA) වඩාත් ඵලදායී ලෙස භාවිත කරමින් ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීමේ වැදගත්කම අමාත්යවරයා අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ අන්නාසි, තැඹිලි සහ අලිගැටපේර පකිස්ථානයට අපනයනය කිරීමේදී පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පකිස්ථාන දූත පිරිස ද මෙම ශ්රී ලාංකීය නිෂ්පාදන ආනයනය කිරීමට දැඩි උනන්දුවක් දැක්වූහ. මීට අමතරව, නව භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ප්රවේශය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
දෙරට අතර ව්යාපාරික සබඳතා ශක්තිමත් කිරීම සහ වෙළෙඳ හවුල්කාරිත්වයන් ඉහළ නැංවීම සඳහා පවතින අවස්ථා පිළිබඳව මුහම්මද් රාසා මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්රී ලංකා පාර්ශවයෙන් වෙළෙඳ අමාත්යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරුන් වන ජගත් අබේවර්ණ සහ චරිත යට්ටෝගොඩ යන මහත්වරුන් සහභාගී වූහ.
 
දූත පිරිස සිය සංචාරය අතරතුර ශ්රී ලංකාවේ ව්යාපාරික ක්ෂේත්රයේ පාර්ශවකරුවන් සහ නිෂ්පාදන ආයතන කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. PSFTA ගිවිසුම යටතේ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ දිගුකාලීන වාණිජ හවුල්කාරිත්වයන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා පකිස්ථාන රජය, ශ්රී ලංකා රජය සහ දෙරටේ පෞද්ගලික අංශය සමඟ සමීපව කටයුතු කිරීමට කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය කැමැත්ත පළ කළේය.