Monday, May 04, 2026
Follow Us
ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඊයේ (03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

මෙලෙස කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි.

දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.