ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබල ගැන්වීම් අමාත්ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ බංග්ලාදේශ විද්යා හා තාක්ෂණ අමාත්ය Fakir Mahbub Anam මහතා අතර හමුවක් ESCAP සැසිවාරය අතරතුරේදී පැවැත්විණි.
මෙහිදී ශ්රී ලංකාව හා බංගලාදේශය අතර දිගුකාලීන මිත්රත්වය හා ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කළ අතර, එය අන්යෝන්ය ගෞරවය හා පොදු කලාපීය අභිලාෂයන් මත පිහිටා දෙරටේ සමාජ, ආර්ථික හා දේශපාලනික ප්රවණතාවන් වෙත නැඹුරුවූවක් බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබල ගැන්වීම් අමාත්යාංශය සඳහන් කරයි.
SAARC සහ BIMSTEC වැනි කලාපීය වේදිකාවල අපගේ පොදු අවශ්යතා අවධාරණය කරමින්, වෙළඳාම, ආයෝජන හා සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති අවස්ථා මෙහිදී විශේෂ අවධානයට යොමුවිය. තවද, ප්රාථමික වෙළඳ ගිවිසුමක් (Preferential Trade Agreement) සඳහා ක්රියාත්මක වන උත්සාහයන් ඇතුළුව, ආර්ථික සම්බන්ධතා සඳහා ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
දෙපාර්ෂවයම රාජ්ය මට්ටමේ නිරන්තර සංවාදයේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒකාබද්ධ ක්රියාකාරී කණ්ඩායම් (Joint Working Groups) සහ ආර්ථික කොමිෂන් (Economic Commissions) වැනි ආයතනික ව්යුහයන් ශක්තිමත් කිරීමේ අවශ්යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.