සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙන බව වාර්තා වෙයි.
ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගෙන තිබෙන බව ඉරාන විදේශ අමාත්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීමට අවස්ථාව උදාවේ.