Wednesday, April 15, 2026
Follow Us
අධිවේගී මාර්ගවලින් දින තුනට කෝටි 16ක වාර්තාගත ආදායමක්
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අධිවේගී මාර්ග භාවිත කිරීම හේතුවෙන් පසුගිය දින තුන තුළ (අප්රේල් 10 සිට) මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් 163,291,065 ක අතිවිශාල ආදායමක් උපයා ඇති බව වාර්තා වී තිබේ.

 

අප්රේල් 10 වැනිදා සිට ගත වූ දින තුනක කාලය තුළ රථවාහන 434,338 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබේ.
 
මෙම දින තුන ඇතුළත වැඩිම රථවාහන සංඛ්යාවක් ධාවනය වී ඇත්තේ සහ වැඩිම ආදායමක් ලැබී ඇත්තේ පසුගිය 10 වැනිදායි. එදින වාර්තා වූ ආදායම: රු. 59,815,450ක් වූ අතර ධාවනය වූ රථවාහන සංඛ්යාව: 161,847ක් වේ.
 
උත්සව සමයේ අධිවේගී මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදය කළමනාකරණය කිරීමට සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිසිය විශේෂ පියවර ගෙන තිබේ.