Monday, February 09, 2026
Follow Us
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නව අධ්‍යක්ෂවරිය ෂැනන් කොව්ලින්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සදහාවන නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) පත් කර තිබේ.

ඇය ඊයේ (09) කොළඹ, ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ නව ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය ලෙස පත් කිරීමට ලැබීම මට ගෞරවයක් බවත්, වසර ගණනාවක් තිස්සේ, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති බවත් වැඩභාර ගනිමින් කව්ලින් මෙනෙවිය පැවසුවාය.

කව්ලින් මෙනෙවිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13 ක් ඇතුළුව වසර 26 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇත. ඇයගේ විශේෂඥතාව බලශක්ති, දේශගුණය, පරිසරය, වායු ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍යය සහ බලශක්ති-ආහාර-ජල සම්බන්ධතාවය යන ක්ෂේත්‍ර හරහා ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම්, ප්‍රතිපත්තිමය කටයුතු සහ දැනුම කටයුතු ආවරණය කරයි.