Monday, February 02, 2026
Follow Us
ශ්‍රී ලංකා-චීන ප්‍රථම ගුවන් යානය ‘කැපි­ටල්’ කටු­නා­ය­කට

ශ්‍රී ලංකාව සමඟ නව ගුවන් ගමන් සම්බ­න්ධ­තා­වක් ආරම්භ කර­මින් චීනයේ ‘කැපි­ටල්’ ගුවන් සේවය (Capital Air Lines) බෙයිජිං නුවර, ඩැක්සිං (Daxing) ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ සිට ප්‍රථම මංගල ගුව­න්යා­නය (Inogaral Flight) පසුගියදා(31)  කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළට පැමි­ණි­යේය.

මේ මංගල ගුවන් ගමන සඳහා ඒ-330 එයාර් බස් ගුවන් යාන­යක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළට පිවිසි අව­ස්ථා­වේදී ජල ආචාර පවත්වා පිළි­ගනු ලැබීය. චීනයේ බෙයිජිං නුවර සිට පියා­සර කළ කැපි­ටල් ගුවන් සේවයේ ජේ.ඩී. – 487 දරන ගුව­න්යා­නය කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළට පස්වරු 01.46ට පමණ ගොඩ­බ­ස්ස­වනු ලැබීය. එහි ගුවන් මගීන් 170ක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩ­ලය 13ක් ද පැමිණ තිබේ.