වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (30) විවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා වැවිලි සමාගම් අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු වූ අතර ඒ යටතේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1350 සිට රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අය-වැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමටද යෝජනා කළේය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් ද අය-වැයෙන් වෙන් කර තිබේ.
මේ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර, එය වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීමද වේ.