සංචාරක ව්‍යාපාරයට නව ජවයක් එක්කරමින් මේ වසරේ පළමු දින 25ක කාලයේදී විදෙස් සංචාරකයන් 223,645ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, චීනය සහ ඔස්ට්‍රේලියාව රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මෙම කාලයේ වැඩිම සංචාරකයන් පිරිසක් පසුගිය 15දා මෙරටට පැමිණ තිබේ. එය 10,483කි.
මෙරටට විදෙස් සංචාරකයන් පැමිණෙන ප්‍රධානම රට ඉන්දියාව බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වාදී තිබේ.