අසංවිධානාත්මක ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මීට වසර 30 කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහලම ප්‍රගතිය අත්පත් කර ගෙන ඇත.
2024 වසරේදී රු.මි. 167.41 ක්ව පැවති නව බඳවාගැනීම්වල වටිනාකම 2025 වසරේදී රු.මි. 318.68 ක් ලෙස සියයට අනූ තුනකින් ඉහල නංවා ගැනීමට මණ්ඩලය සමත්වී තිබේ.
තම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ බඳවා ගැනීම්, ප්‍රතිලාභ ගෙවීම් ඇතුලු සියලු කළමනාකරණ කටයුතු ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අධියරේ පවතින බවත්, එය ක්‍රියාත්මක වීමත් සමග 2026 වසරේ සිට ඉහල කාර්යක්ෂමතාවකින් කටයුතු කිරීමටත්, නව සාමාජිකයන් බඳවාගැනීම වේගවත් කිරීමටත් මණ්ඩලයට හැකිවනු ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.