ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක) මුදලක් වෙන්කර ඇත.
තව ද 2025 අයවැයෙන් තවත් රු.බිලියන 30 ක්(තිහක්)හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇත.
අවශ්‍ය පරිදි මුදල් ඉල්ලා සිටින ලෙස ගරු ජනාධිපතිතුමා විසින් සියලු දිසාපතිවරුන් වෙත දැන් පැවත්වෙන මාර්ගගත සාකච්ඡාවේ දී වැඩිදුරටත් දැනුම් දෙන ලදි.
කිසිදු බාධාවකින් තොරව කාර්යක්ෂමව ආපදා සහන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ගරු ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි