Friday, November 14, 2025
Follow Us
ඉන්දු - ලංකා හස්තකර්මාන්ත ශිල්පීන් සියදෙනෙක් එකම වේදිකාවක
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල" ඊයේ (13 දා) ආරම්භ කෙරිණ.
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ඇරඹි මෙම ප්රදර්ශය නොවැම්බර් 16 දා දක්වා දින 4 ක් පැවැත්වෙයි.
 
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා අලෙවි පහසුකම් ලබාදීම, එම ශිල්පීන්ගේ නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව ගැනුම්කරුවන් වෙත සෘජුව අලෙවිකර ගැනීමට අවස්ථාව උදාකර දීම, ශ්රී ලාංකිකයන්ට විදේශීය හස්ත කර්මාන්ත නිර්මාණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සහ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම යන කරුණු අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි.
 
දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ඇතුළත් නිර්මාණ අලෙවි කුටි සියයකින් යුක්ත මෙම "ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල" ලාංකික හා ඉන්දියානු සංස්කෘතික අංග රැසකින්ද සමන්විත වේ.