රත්නපුර දිස්ත්රික්කයේ ආර්ථික සංවර්ධනයෙහිලා දායකත්වය දක්වන කර්මාන්තකරුවන්,ව්යවසායකයින් හා ඒ හා සම්බන්ධ උනන්දුවක් දක්වන සමාජ ක්රියාකාරීන්ගේ හමුවක් පසුගියදා කර්මාන්ත ව්යවසාය සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
දිස්ත්රික්කයේ කර්මාන්තකරුවන් දිරිගැන්වීමත්,දිස්ත්රික්කයේ පවතින නව ආයෝජන අවස්ථාවන් හදුන්වාදීමේ අරමුණත් ඇතිව සංවිධානය කර තිබූ මෙම ව්යවසායක හමුවේදී සංචාරක,අපනයන,කෘෂිකර්මාන්තය යන විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.
මෙහිදි අපනයන සංවර්ධන මණ්ඩලය,කර්මාන්ත සංවර්ධන මණ්ඩලය,පළාත් සංචාරක අමාත්යංශය,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතන විසින්ද රත්නපුර දිස්ත්රික්කෙය් ආර්ථික සංවර්ධනය සඳහා වු විභවතාවයන් පිළිබඳව මෙහිදි දැනුවත් කිරීමක්ද සිදු කරන ලදි.
රත්නපුර දිස්ත්රික් ලේකම් කේ.ජී.එස්.නිශාන්ත මහතාගේ කැදවීමේන් පැවැති මෙම හමුව රත්නපුර දිස්ත්රික් කාර්මික සංවර්ධන මණ්ඩලය හා දිස්ත්රික් ක්රමසම්පාදන අංශය, ව්යවසායකත්ව සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබුණි.
මෙම ව්යවසායක හමුව සඳහා රාජ්ය නිලධාරීන්, ව්යවසායකයින්,කර්මාන්තකරුවන්,මූල්ය ආයතන නියෝජිතයින් ඇතුළු විවිධ ක්ෂේත්ර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.