Sunday, November 09, 2025
Follow Us

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කර තිබෙන බව වාර්තා වෙයි.

වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස එය සංශෝධනය වෙයි.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

ජූලි මාසයේ කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර,  එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් මෙවර ඉදිරිපත් කර තිබේ.

එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කිරීමට  කටයුතු කර ඇත.