Tuesday, October 21, 2025
Follow Us
විදේශගත වූවන්ට හිමිවන ප්‍රතිලාභ පිළිබඳව විගමණික ශ්‍රමික පවුල් දැනුවත් කිරීමේ වැඩසටහනක්
මූල්ය කළමනාකරණය හා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූවන්ට හිමිවන ප්රතිලාභ පිළිබඳව විගමණික ශ්රමික පවුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය18 දින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් විගමණික සම්පත් මධ්යස්ථානයේදී පැවැත්විය.

 

මෙම වැඩසටහනට සමගාමීව විගමණික ශ්රමිකයන්ගේ පාසල් යන දූ දරුවන් වෙත පාසල් උපකරණ කට්ටල ප්රදානය කිරීමද සිදුකරන ලදී.
 
කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ හා අතිරේක සාමාන්යාධිකාරි (ජාත්යන්තර කටයුතු) සෙනරත් යාපා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පවත්වන ලද අතර, මෙම අවස්ථාවට ලංකා බැංකුවේ කාර්යය මණ්ඩලය මෙන්ම සබරගමුව පළාත් විගමණික සම්පත් මධ්යස්ථානයේ ජේෂ්ඨ කළමනාකාරිණී බී.ඒ. රෝහිණී මිය, සහකාර කළමනාකරු මහේෂ් හේවාවිතාන මහතා ඇතුළු මධ්යස්ථානයේ සෙසු කාර්යය මණ්ඩලයද සහභාගී විය.