බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ.2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස 08 තුළ එම අගය 66 30 728 කි.
එය 2024 පළමු මාස 08 ට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයකි. 2025 පළමු මාස 08 තුළ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 කි.
ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉදිරි සංචාරක සමය තුළ ද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාග පවසයි.