Tuesday, October 14, 2025
Follow Us
බහුජාතික සමාගම් වෙනුවට ගොවීන්ගේ සමාගම් අපට අවශ්‍යයි- කෘෂිකර්ම ඇමැති
“බහුජාතික සමාගම් වෙනුවට ගොවීන්ගේ සමාගම් අපට අවශ්යයි.” පොදුජන ආර්ථික සංසදය අමතමින් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

 

සණස ව්යාපාරය මඟින් සංවිධානය කළ පොදුජන ආර්ථික සංසදය (People's Economic Forum) සඳහා කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පසුගියදා (26) දින සහභාගී විය. මෙම සංසදය පැවැත්වුණේ හිල්ටන් හෝටලයේදීය.
 
මෙවර පොදුජන සංසදයේ තේමාව බවට පත්වූයේ තිරසර ප්රජාවන් ගොඩ නැංවීමයි. එම තේමාව යටතේ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සිය දේශනය ඉදිරිපත් කළේය. තිරසරභාවය ඇති කර ගැනීම සඳහා දැනටමත් තිබෙන මෙවලම සමූපකාරයයි. ගොවීන් එකතු කරගනිමින් සමූපකාර ගොවි සමිති බිහිකරමින් ග්රාමීය ආර්ථිකය ඉහළ නැංවිය හැකියි. සමාජ ප්රාග්ධනය යනු සමූපකාර සමිතිවල පදනමයි. ප්රජාව එක් වූ තැන විශාල සමාජ ප්රාග්ධනයක් නිර්මාණය වේ. තනිව නොව එක්ව තිරසර ප්රජාවක් ගොඩ නැඟුවහොත් තිරසර සංවර්ධනයක් ගොඩ නඟිය හැකි බව මහාවාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා වශයෙන් එක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සංසදය අමතමින් සමුපකාර සංකල්පය ඇගයීමට ලක් කළේය.
 
“අපේ ආණ්ඩුවේ දර්ශනය තමයි ආර්ථික ප්රජාතන්ත්රවාදය. අපි දේශපාලන ප්රජාතන්ත්රවාදය ගැන දන්නවා වුණාට ආර්ථික ප්රජාතන්ත්රවාදය ගැන දන්නේ නැහැ. ආර්ථික ප්රජාතන්ත්රවාදය කියන්නේ රටේ සෑම පුරවැසියෙකුම රටේ ආර්ථිකයට සම්බන්ද කරගත යුතුයි. ඒ වගේම සම්බන්ධ වෙන අයට තමන්ගේ සාධාරණ පංගුව ලැබිය යුතුයි. අපේ රටේ මෙච්චර කාලයකට ආර්ථික ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වෙලා නැහැ. ගොවි ජනතාව ආර්ථිකයට සම්බන්ධ වුණත් ඔවුන්ට සාධාරණ පංගුව ලැබිලා නැහැ. ආර්ථික ප්රජාතන්ත්රවාදය සාර්ථක වෙන්න නම් සමූපකාර සංකල්පය අවශ්ය විය යුතුයි.
 
ආහාර සුරක්ෂිතතා කමිටුවේදී අපට ගැටළුවක් පැන නැඟුණා. ඒ තමයි බී ලූනූ ගොවියන්ගේ ගැටලුව. බී ලූනූ වගාවට යන පිරිවැය වැඩියි. නමුත් පිටින් ගේන බී ලූනූවල මිල අඩුයි. බී ලූනූ කිලෝග්රෑම් එකකට බදු ගැහුවේ රුපියල් 10යි. ගොවීන්ගේ ඉල්ලීමක් තිබුණා, ඒ බද්ද වැඩි කරන්න කියලා ගොවීන්ගෙන් ඉල්ලීමක් තිබුණා. ඒ අනුව අපි ඒ බද්ද රුපියල් 50කින් වැඩි කළා. නමුත් ගොවියාට හොඳක් වුනේ නැහැ. ගබඩා කරලා තියාගත්ත අයට හොඳයි. එහිදී තව යෝජනාවක් ආවා, කෙලින්ම පිරිවැයට අනුව ගණනය කරලා ගොවියට ලාභයක් එන විදිහට රජය විසින් මිලදී ගත යුතුයි. සමූපකාර ක්රමය ශක්තිමත් කළොත් සහනය දෙන්න ඕන කෙනාට සහනය දෙන්න පුළුවන්. මිලදී ගැනීමේ යාන්ත්රණයක් තිබුණේ නැති නිසා ඒක ගැටළුවක් වුණා. සමූපකාර ක්රමය තිබුණා නම් මේ ප්රශ්නය විසදෙනවා. සමූපකාර ක්රියාවලියක් හරහා බිම් මට්ටම දක්වා නොයා ගොවි ගැටලුවලට පිළිතුරක් සොයා ගැනීමට අපහසුයි.
 
ආර්ථික ප්රජාතන්ත්රවාදය සාර්ථක කර ගැනීමට සමූපකාර ක්රමය ශක්තිමත් නොකර බැහැ. ආණ්ඩුවට මේක අත්යවශ්යයි. ආණ්ඩුව මාලිමාව වුණාට රජය පරණ එකමයි. ආණ්ඩුවට බලයක් තියෙනවා රජය මෙහෙයවන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. රජය තවමත් හුරුවෙලා තියෙන්නේ යල් පැණ ගිය සංස්කෘතියකට. ඒ තුළ කටයුතු කිරීම අපට විශාල අභියෝගයක්.
 
තනි තනිව කටයුතු කිරිමට වඩා එකට කටයුතු කිරීම තුළ විශාල ජවයක් ශක්තියක් තියෙනවා. අපේ ජානවලත් ඒ සාමුහික බව තියෙනවා. අපට අවශ්ය ගොවීන්ගේ සාමූහික බව. බහුජාතික සමාගම් වෙනුවට ගොවීන්ගේ සමාගම් අපට අවශ්යයි. අපි එකට වැඩ කරලා මේ උත්සාහය සාර්ථක කරගනිමු.”