Wednesday, April 29, 2026
Follow Us
අදත් සවසට තැනින් තැන වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටිනු ලැබේ.