රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.
වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත. තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන ‘ඉදිකිරීම්’ සහ ‘පතල් හා කැණීම්’ 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර ඇත.
මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.