Wednesday, August 20, 2025
Follow Us
 කර්මාන්තපුර තුළ නිෂ්පාදන කර්මාන්ත ඇරඹීමට අයදුම්පත් කැඳවයි

කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් පහත සඳහන් ප්රදේශ වල ස්ථාපනය කිරීමට නියමිත හා ස්ථාපනය කර ඇති කර්මාන්තපුර තුළ නිෂ්පාදන කර්මාන්ත ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසු ආයෝජකයින්ගෙන් දැන් අයදුම්පත් කැඳවා තිබේ.

දැනට ස්ථාපිත කර්මාන්තපුර පවතින හිස් ඉඩම්

බස්නාහිර පළාත - කළුතර, ටෙම්පල්බර්ග්
ඌව - බුත්තල
දකුණ - බටඅත, කරන්දෙණිය, උඩුකාව
සබරගමුව - නාලන්ද එල්ලාවල අදියර 2
වයඹ - පුත්තලම
මධ්යම - නාලන්ද (මාතලේ), උලපනේ
නැගෙනහිර - ත්රිකුණාමලය, අම්පාර (නවගම්පුර), මඩකළපුව
උතුර - මන්නාරම, වැලිඔය

යටිතල පහසුකම් සහිත නව කර්මාන්තපුරවල හිස් ඉඩම්

හම්බන්තොට - සූරියවැව

අනුරාධපුර - රඹෑව - සඳමල්ගම

යටිතල පහසුකම් රහිත නව කර්මාන්තපුරවල හිස් ඉඩම්

නොච්චියාගම කර්මාන්තපුරය - අනුරාධපුර දිස්ත්රික්කය


වැල්ලවාය කර්මාන්තපුරය - මොනරාගල දිස්ත්රික්කය


බංගදෙණිය කර්මාන්තපුරය - පුත්තලම දිස්ත්රික්කය


තිහගොඩ කර්මාන්තපුරය - මාතර


බුලත්සිංහල කර්මාන්තපුරය - කළුතර

මෙම කර්මාන්තපුර වල ආයෝජනය කරනු ලබන ඔබට
- වසර 35 ක දීර්ඝකාලීන බදු පදනම මත රජයේ ඉඩම් කොටසක්


- ඉඩම් කොටසට මුල් වසර 05ක කාලය සඳහා බදු සහන කාලයක්


- කර්මාන්ත සඳහා අවශ්ය යටිතල පහසුකම් (යටිතල පහසුකම් ලබා දී ඇති කර්මාන්තපුර තුළ තෙකලා විදුලිය, ජලය, පුළුල් ප්රවේශ මාර්ග ආදී පහසුකම්)


- කර්මාන්තපුර "කර්මාන්ත ප්රදේශ" ලෙස ගැසට් කිරීම මගින් කර්මාන්ත පවත්වාගෙන යාමේදී අනෙකුත් රාජ්ය ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සඳහා අවශ්ය සහය


- කර්මාන්ත සඳහා ලබාදෙන සහනදායී විදුලි ගාස්තු ක්රමය භාවිතාවයට අවස්ථාව.

ඉහත ප්රදේශවල ස්ථාපනය කිරීමට නියමිත හා ස්ථාපිත කර ඇති කර්මාන්තපුරවල, කර්මාන්ත ව්යාපෘති ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔබ 2025.09.30 දිනට පෙර අයදුම්පත හා අදාළ ලිපි ලේඛන මෙම අමාත්යාංශය වෙත යොමු කරන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ. (අයදුම්පත මෙම අමාත්යාංශයේ www.industry.gov.lk දරන වෙබ් අඩවියෙහි https://www.industry.gov.lk/web/applications - වෙබ් ලිපිනය මගින් බාගත කළ හැකිය