පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරණායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරයි.
2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වේ. 2025 පළමු මාස 6 තු ගුවන් ගමන් වාර 32423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපල අධිකාරියේ අපේක්ෂාවයි.