යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතයි.
අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිත බවත් පසුගිය දා වී අලෙවි මණ්ඩලය සමඟ පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රු කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නාඩු වී කිලෝවක් රු 120කට, සම්බා වී කිලෝවක් රු 125කට හා කීරි සම්බා වී කිලෝවක් රු 132කට රජයේ ගබඩාවලට මිලදී ගැනීමට නියමිත බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රමිතිගත වී සියලු ගොවීන්ට මෙම ගබඩාවලට ලබාදිය හැකි බව ද කියා සිටියේය.
මේ අතර, තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර ඇති අතර, ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රු 102කට, සම්බා තෙත වී කිලෝවක් රු 105කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් 112කට ගොවියාට විකිණිය හැකියි.
රජයේ ගබඩාවලට තෙත් වී ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවි ජනතාවට අසාධාරණයක් නොවීමට වගබලා ගැනීමට සියලුදෙනා කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.