Sunday, June 29, 2025
Follow Us
ත්‍රිකුණාමල ධීවර ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශේෂ සාකච්ඡාවක්

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ත්‍රිකුණාමලය, යාපනයට පසු ප්‍රධාන ධීවර දිස්ත්‍රික්කයක් වන අතර, එහි ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

නීති විරෝධී ධීවර කටයුතු, අන්තර් ආයතන සහයෝගීතාව, නව විශ්‍රාම වැටුප් හා රක්ෂණ ක්‍රමය, පරිසර දූෂණය සහ නියාමනය, පරිසර දූෂණය සහ නියාමනය හා යටිතල පහසුකම් සහ ඉන්ධන යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්විය.

ධීවර නියෝජිතයින් සඳහන් කළේ, සිය ගැටලු මෙලෙස සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණේ පළමු වතාවට බවයි.

දිසාපතිතුමාගේ ආරාධනයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහතා,  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා,  ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා පොලිසියේ නියෝජිතයින් සහභාගී වූහ.