අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට රජයෙන් ප්‍රතිලාභ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගම්මිරිස්, කෝපි, පුවක්, කොකෝවා, කරාබු, සාදික්කා, කරදමුංඟු, වැනිලා, බුලත්, සේර, පැඟිරි, ගොරකා, කහ සහ ඉඟුරු යන අපනයන කෘෂි බෝග 14ක් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සංවර්ධන සහ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි.
වර්තමානය වන විට හෙක්ටයාර 82,000ක පමණ වපසරියක මෙම බෝග ව්‍යාප්තව පවතින අතර, මිලියනයකට ආසන්න පාර්ශ්වකරුවෝ පිරිසක් අපනයන කෘෂි බෝග ආශ්‍රිත වගාවන් හා කර්මාන්තයන්හි නියැළී සිටීති.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ සිට පාර්ශ්වකරුවන් දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය සඳහා පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, එම වැඩසටහන් යටතේ වගාකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් සිදු කරනු ලබන ආයෝජන මුදලින් 50%ක උපරිමයක් දක්වා රජයේ ප්‍රතිලාභ ලබා දීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* අපනයන කෘෂි භෝග නව වගා වපසරිය වැඩිකිරීමේ වැඩසටහන
* අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායිතාව ඉහළ නැංවීමේ වැඩසටහන
* කාබනික අපනයන කෘෂි භෝග වගා ප්‍රවර්ධන වැඩසටහන
* කාබනික වගා සහතිකකරණය සහ රසායනාගාර විශ්ලේෂණයට අදාළ කටයුතු
* ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ක්‍රමය (Fair Trade) සහතිකය ලබා දීම
* අන්තර්ජාතිකව පිළිගත් කාබනික වගාවට අදාළ කර ගත හැකි අනෙකුත් සහතික ලබා දීම
* පසු අස්වනු තාක්ෂණ වැඩසටහන සඳහා පහසුකම් සැපයීම
* පැළ තවාන් සංවර්ධන වැඩසටහන
* අපනයන කෘෂි භෝග වගා ආදර්ශන නඩත්තු කිරීම
* සංචාරක කර්මාන්තය හා බැඳුණු අපනයන කෘෂි භෝග ව්‍යාපෘති