Tuesday, June 17, 2025
Follow Us
ලොතරැයි ඉතිහාසය උඩුයටිකුරු කළ NLB මෙගා කෝටි 47

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතක් රු.කෝටි 23 ක දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය කටුගස්තොට ට දිනා දි වාර්තාවක් තබා තිබු NLB මෙගා පවර් ලොතරැයි ඒ වාර්තාව ඊයේ (16) යළිත් අලුත් කර තිබේ.

ඒ රු. කෝටි 47 ක (රු.474,599,422.00) ලංකාවේ ලොතරැයියකින් දිනා දුන් දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය ඇතුගල්පුරවරයේ ගොකරැල්ල පෙදෙසට දිනා දෙමිනි.

මෙම ලොතරැයිපත NLB  ගොකරැල්ල අලෙවි නියෝජිත H.A.ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කර තිබිණි.