කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් දේශීය ස්වර්ණාභරණ ශිල්පීන් සඳහා වෙළෙඳ අවස්ථා උදාකර දීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන "තෝඩු" ප්රදර්ශන මාලාවේ තෙවැනි තෝඩු දැක්ම 2025 ජූනි මස 14 සහ 15 යන දිනයන් හිදී මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) වෙළෙඳ පරිශ්රයේ දී සාර්ථක ලෙස පැවැත්විණි.
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති හා නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතුන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ආභරණ දැක්ම සඳහා මහනුවර, ගාල්ල, ගම්පහ සහ මීගමුව දිස්ත්රික්ක නියෝජනය කරමින් ස්වර්ණාභරණ ශිල්පීන් රැසක් සහභාගී වුහ.
මෙම ආභරණ ප්රදර්ශණයේදී දේශීය ස්වර්ණාභරණ ශීල්පීන් අතින් නිම කරන ලද ඒ ඒ පලාත් සඳහා අවේනික වූ නිර්මාණ මෙන්ම නවීන මාදිලියේ ආභරණ නිර්මාණයන් ද ඉතා සාධාරණ මිල ගණන්වලට අළෙවිය සඳහා ඉදිරිපත් කර තිබුනි.
මෙම තෝඩු ආභරණ දැක්මේ මීළඟ අදියර ගාල්ලේ දී සංවිධානය කිරීමට නියමිත වෙයි.