Thursday, April 30, 2026
Follow Us
මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මේ බව රොයිටර් පුවත් සේවය විසින් අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබීය.