Thursday, April 30, 2026
Follow Us
ජනපති සහ මහබැංකු අධිපති අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා  සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි දී රටේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධව දීර්ඝ ලෙස සකච්ඡා කර තිබේ.