Monday, April 29, 2024
Follow Us
හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

ධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම  සියයට  10 කින්  පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.


ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක (  මිලියන 44 ) ආදායමක්  ලැබි ඇතැයි පැවසෙයි

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු  කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් අද(14 ) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් එම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග  ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

 

Lankadeepa