Sunday, May 05, 2024
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප හෙට සිට

රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (07) කෑගල්ලේ දී පැවසීය.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ,

"වැඩි වුණ රුපියල් 10,000 සමගින් හෙට 08 සිට ආයතනවලට මුදල් නිදහස් කරන්න සුදානම් කරගෙන තියෙනවා. රුපියල් බිලියන 107ක්. වැඩි වුණු මුදල විතරක් රුපියල් බිලියන 13කට ආසන්නයි."