Tuesday, July 08, 2025
Follow Us
 නව ආයෝජන කලාප 6ක් පිහිටුවීමේ සූදානමක්

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන සීඝ්‍ර ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්විණි. 

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව විසින් මෙම හමුව සංවිධාන කර තිබූ අතර එහි දී ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඇති ගැටලු මෙන්ම නව යෝජනා බොහෝමයක් පිළිබඳවත් පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලදි. 

අවුරුදු 15කට පසු අමාත්‍යවරයෙක් විසින් මෙලෙස සිදු කරන ලද පළමු සංචාරය මෙයයි.