Saturday, April 27, 2024
Follow Us
අලුත් අවුරුද්දට බිත්තර රු.40 බැගින්

අලුත් අවුරුදු සමයේදී බිත්තරයක් රුපියල් 40 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළකර ඇත.

බිත්තර මිල ඉහළ යාම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ බිත්තර නිෂ්පාදකයන් අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (12 වැනිදා) පැවැත්විණි.

රට තුළ බිත්තර හිඟයක් නොමැති අවස්ථාවක රුපියල් 50 ඉක්මවා බිත්තර මිල ඉහළ යාම සම්බන්ධව ඇමැතිවරයා බිත්තර නිෂ්පාදකයන්ගෙන් විමසා සිටියේය.

බිත්තර ආනයනය කිරීම සඳහා එක්තරා ඇමැතිවරයකුගේ සහෝදරයකු රට තුළ බිත්තර සඟවා දේශීය බිත්තර මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක කරන බව මෙහිදී බිත්තර නිෂ්පාදකයෝ පැවැසූහ.

දේශීය බිත්තර අඩු මිලට මිලදී ගන්නා මෙම පුද්ගලයා රාගම ප්‍රදේශයේ විශාල ශීතාගාර තුළ සඟවා තබන බවද ඔවුහු පවසා සිටියහ.

බිත්තර මිල ගැසට් නිකුත් කිරීමෙන් බිත්තර ගැටලුව විසඳීමට නොහැකි බවද ඔවුහු පැවසූහ. ඉදිරි උත්සව සමය සඳහා බිත්තර මිලියන තුනක ප්‍රමාණයක් අවශ්‍ය බවත්,එම ප්‍රමාණය සැපයීමට දේශීය බිත්තර නිෂ්පාදකයන්ට හැකි බවද ඔවුහු පවසති.

ඒ අනුව,අලුත් අවුරුදු කාලයෙන් පසුව බිත්තර මිල තවත් අඩු කිරීමට හැකි බවද බිත්තර නිෂ්පාදකයෝ ඇමැතිවරයාට දැනුම් දී තිබිණි.