Wednesday, July 09, 2025
Follow Us
2024 ජනවාරී සංචාරකයින් ලක්ෂ දෙක ඉක්මවයි

2024 ජනවාරි මාසයේ දී දෙලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 208,253 කි.

මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්ත වන අතර එම සංඛ්‍යාව 34,399 ක් ලෙසින් වාර්තා වේ.

 මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ක්, ජර්මනියෙන් 13,593 ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.