Wednesday, July 09, 2025
Follow Us
IMF නියෝජිතයින් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ හෙට (11) සිට ලබන 17 වැනි දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි. 

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමග මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය එම කණ්ඩායම විසින් සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ද සැලුසම් කර තිබේ.

 

Aruna