Friday, May 01, 2026
Follow Us
නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත එළැඹෙන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

මෙහි අරමුණ වන්නේ මුදල් ණය දෙන ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ණය දෙන ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීමයි. 

ඒ අනුව වැඩි ආරක්ෂාවක් ලබාදීම වෙනුවෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීම ද සිදු වේ.